ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන්
ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ විශිෂ්ට දායකත්වය ලබා දුන් පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ගවේශනමය හා සමාජීය මෙහෙවර ඇගයීමේ උත්සවය, පසුගිය ජූනි මස 2 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී අති උත්කෘෂ්ට ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මගින් පැවැත්විය.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා, සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ආචාර්ය කුමාරි ජයවර්ධනගේ සාමාජීය සහ ශාස්ත්‍රීය භාවිතාව පිළිබඳ මුඛ්‍ය දේශනය ඉදිරිපත් විය. මෙහෙයවීම ආචාර්ය සසංක පෙරේරා සිදු කළ අතර කෙටි හැඳින්වීමක් ආචාර්ය චූලනී කොඩිකාර දක්වන ලදී. මේ කාර්ය සඳහා විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ සභාපති බර්නාඩ් කාරියවසම් සහ ලේකම් කමල් දිසානායක ඇතුළු විධායක සභිකයින් සහ සාමාජිකයින් රැසක් මූලිකත්වය ගත් අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සහ සිසුන්ද වෙනත් ආරාධිතයින්ද මාධ්‍යවේදීන්ද පොදු ජන රසිකයින්ද නවකලාගාර ශාලාව පිරී ඉතිරී යන ලෙස සහභාගි විය.




