මංගල දර්ශනයේ දී ශාලාව පිරි ඉතිරී ගිය බහුචිතවාදියා ඔබ අතරට
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන මාලක දේවප්‍රිය නිර්මාණ දේශීය සහ ජාත්‍යන්තර සම්මාන හිමි කරගත් බහුචිතවාදියා චිත්‍රටයේ මංගල දර්ශනය මැයි මස 29 දින රාත්‍රි කොළඹ පීවීආර් සිනමා ශාලා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මේ සඳහා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම සිනමා රංගවේදී රන්ජන් රාමනායක, සෞම්‍ය ලියනගේ, ගීතාකාන්ති ජයකොඩි, දීපානි සිල්වා ආදී ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංග ශිල්පී කලන ගුණසේකර, හා වීනා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, දමිතා අබේරත්න ආදී පිරිසක් ද එම අවස්ථාවට දායක වූ අතර ශාලාව පිරී ඉතිරී ගිය ස්වභාවයක් දැක ගත හැකි විය.
බහුචිතවාදියා චිත්‍රපටයලංකාව පුරා සිනමාහල් රැසක මහජන ප්‍රදර්ශනය සිදුවිය.
බහුචිතවාදියා හිමිකරගත් සම්මාන මෙසේය.
- හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය.
- ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උළෙල හොඳම ස්වාධීන චිත්‍රපටියට හිමි සම්මානය..
- සරසවිය සම්මාන 34 වැනි උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය.
- 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය හා හොඳම ශබ්ද නිර්මාණ සම්මානය.
- 40 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල NETPAC තරඟාවලියේ සඳහා තේරීපත්විය.
