ප්‍රජනක සෞඛ්‍යය අධ්‍යාපන සැසිය

කොළඹ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යාවන් ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික කර ගනිමින් සනීපාරක්ෂක තුවා ප්‍රධානය කිරීමේ සහ ඒවා භාවිතය සම්බන්ධ විශේෂ වැඩසටහනක් කාලිංග කාන්තා නේවාසිකාගාරය මුල් කරගනිමින් පැවැත්විය. එහිදී ප්‍රධාන දේශනය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විසින් සිදු කරන ලදී. එමෙන්ම කෙටි වේදිකා නාට්‍ය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඊට සමගාමීව පැවතින. නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දීම සහ ශිෂ්‍යාවන් වෙනුවෙන් සවස සහ රාත්‍රී ආහාරපාන ලබාදීම ද සිදුවිය.

Leave a comment