පලස සාහිත්‍යය තරගාවලිය ජයග්‍රාහී නාම ලේඛනය – 2024

 
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ ඒ අංශවල ප්‍රවීණයින්ගෙන් සමන්විත විනිශ්වය මණ්ඩලයක් යටතේ විනිශ්චයන් ලබා දෙමින් ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහතික පත් ලබා දුන් පහත දැක්වෙන්නේ ජයග්‍රාහී නාම ලේඛනයයි.

========================================

පද්‍ය රචනා (පාසල් )
ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
‘’කවිය නම් වූ සාහිත්‍යාංගයට උරුම වූ හැඟීම් චලනය කිරීමේ ගුණය ඉස්මතු කර, යෝග්‍ය වූ අනුභූතියක් උපයෝගීකර, යෞවනත්වයට ආවේණික සංවේදනා කලාපයක සංකීර්ණත්වය සහ දරිද්‍රතාවයෙන් මඩනා ලද ජීවිත පෙදෙසක යථාර්ථය අතර ඝට්ටනය පුළුල් ජීවිතාවබෝධයක් පිළිබිඹු ස්වරූපයෙන්, රසික
පර්ෂදයේ චින්තන පරිදිය පෘථුල කිරීමට සමත් සංකීර්ණ මානව අත්දැකීමක් කාව්‍යමය නිර්මාණාත්මක ප්‍රකාශන උත්සාහයක නිරත වෙමින් ස්වකීය සම වයස් කණ්ඩායමේ තරගකරුවන්ට සාපේක්ෂව ගැඹුරු ජීවන දක්මක් ප්‍රකට කරන්නා වූ කෞශල්‍ය
උදෙසා…’’

*(ප්‍රථම ස්ථානය) එච්. එච්. භානුක හෑගොඩ “ නොස්ටැල්ජිමය චාරිකා ” රාහුල විද්‍යාලය, මාතර.
*(දෙවන ස්ථානය ) ඩී. ඒ. ඩී. තීක්ෂණී “නාදුණන ඔබ හදුනාගත් මම” බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ.
*(තෙවන ස්ථානය ) මිලිඳු මින්සර මහගමගෙ වැසි දිනයේ පෙඟුණු සිතක මිමිනිල්ල” මාතර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
(කුසලතා)
*ඩබ්. අයි. එස්. මිෂාල් ප්‍රනාන්දු “නැගණියේ” මාරිස්ටෙලා විදුහල, තිඹිරිගස්‍කටුව.
*ජීවනී කාවින්ද්‍යා දසනායක “සිහිනය” යහපත් එඩේරාගේ බාලිකා විදුහල, නායකකන්ද.

විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ලියනගේ අමරකීර්ති, නිසංසලා ගම්ලත්, ප්‍රගීතිකා ජයසේකර

========================================

කෙටිකතා (පාසල්)
ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය

‘තේමාත්මක නව්‍යතාවයකින් යුක්ත වූද, ප්‍රති නිර්මාණාත්මක ශිල්පකම භාවිතයෙන් බුහුටි වූද, හුදු කතාන්දරයක ආඛ්‍යානයෙන් ඔබ්බට පිවිස එහි මුඛ්‍ය තේමාවට යෝග්‍ය පරිදි බස හැසිරීමේ සමත්කම් විශද කළ කුසලතාවය පසසනු වස්…’’

*(ප්‍රථම ස්ථානය) ආර්. එම්. ජී. ඉඳුසර රත්නායක “ආනන්ද සර්පයා දුටුවාද” අනුරාධපුර මධ්‍ය මහා විදුහල, අනුරාධපුරය.
*(දෙවන ස්ථානය) ඒ. ඒ. අභිමා ජනුදි අධිකාරි “නිල් රෝස” අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුරය
“(තෙවන ස්ථානය) එස්. සත්සරනී දෙල්ගහවත්ත “අකුරු” මලියදේව මහා විද්‍යාලය, කුරුණෑගල.
(කුසලතා)
*ඩී. ඒ. සංජානා හිමාංගනී දේවසිංහ “හෙටක් නැති දවසක්” සාරානාත් විදුහල, කුලියාපිටිය.
*එම්. මන්දීනා දෙහිගම “මතක ලන්තෑරුම” සමුද්‍රදේවී බාලිකා විදුහල, නුගේගොඩ.
*සත්‍සරා නෙත්මිණි ගුණතිස්ස “කසාවත” ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලය, නේරියකුලම.

විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ , විරාජිනී තෙන්නකෝන්, සුසන්ත ආරියරත්න

========================================

කෙටි නාට්‍ය (පාසල්)
ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
කෙටි නාට්‍යයකට උචිත කතා වින්‍යාසයක් හසුරුවමින්, එක් ස්ථානයක් කේන්ද්‍ර වූ සිද්ධි කිහිපයක් නාට්‍යෝචිත ලෙස සරලව විකාශනය කර, ප්‍රාණවත් සංවාද උච්ච අවස්ථාවකට ගෙනියමින් බලහත්කාරය හා නිවැරදි තීරණ ගන්නා වෛද්‍ය නිලධාරියකු අතර ගැටුමෙන් මතුවන මානුෂික ඵලය ඉස්මතු කරමින් මානව දයාව පිළිබඳ නිර්මාණාත්මක අත්දැකීමක ප්‍රේක්ෂකයා රඳවා තබා රංගගත විභවතාවක් සුසැදී නාට්‍යමය පඨිතය ඇගයීම සඳහා….

*(ප්‍රථම ස්ථානය) එම්. එම්. කළණි කාව්‍යා “අන්තිම කැමැත්ත” මාලිගාතැන්න මහ විද්‍යාලය, මොනරාගල.
*(දෙවන ස්ථානය) ටී. එම්. රශ්මි ආරාධනා “පුල්ස්ටොප්” මලියදේව බාලිකා විදුහල, කුරුණෑගල.
*(තෙවන ස්ථානය) ඒ.ඒ. ඒ. සෙව්මිණි පෙරේරා “සොහොනක රැයක්” ස්වර්ණපාලී බාලිකා ජාතික පාසල, අනුරාධපුරය.
(කුසලතා)
*ආර්. අයි. උමයංගනී “ඔන්ලයින්” ර/ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මධ්‍ය මහා විද්‍යාලය, බලන්ගොඩ.
*උවිඳු නෙත්මිණ හදපාන්ගොඩ “පොත් එක්ක මත් වෙන්න” මධ්‍ය මහා විද්‍යාලය, පිළියන්දල.
*ආර්. එම්. ජී. ඉඳුසර රත්නායක “සිහින වෙඩි තබයි” අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුරය.

විනිශ්චය මණ්ඩලය
පියල් කාරියවසම්, චාරුක සුරවීර, සමන් පුෂ්ප ලියනගේ

========================================

පද්‍ය රචනා ( අන්තර් විශ්ව විද්‍යාල )
ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ අකම්පිතව නැගී සිටින වීර්යවන්ත මිනිසකුගේ ජීවන ලාලසාවන් ගම්‍යමාන කරමින් ව්‍යවහාර බස සරලව පද සංයෝජනයක අපූර්වත්වයෙන් යුතු දුලභ වූ අත්දැකීමක් සංකේතාත්මක යෙදුම් අනුසාරයෙන් උත්කර්ෂයට නැංවීමේ සාමාර්ථයෙන් අනූන, සමස්තයක් ලෙස ජීවිතයේ කටුක යථාර්ථය අතැඹුලක් සේ ගෙන ඒදෙස අකම්පිත දෘෂ්ටියකින් බැලීමට ගත් නිර්මාණාත්මක ප්‍රවේශය උදෙසා
*(ප්‍රථම ස්ථානය) තරිඳු ලක්මාල් වනිගසූරිය “දර ට්‍රැක්ටරේ සුමනේ ගෙදර උන්දෑට කී කවිය” ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය (නීති පීඨය) *(දෙවන ස්ථානය) ඩබ්ලිව්. ඒ. තිසාරා පෙරේරා “පෙම්සර” ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය(ආයුර්වේද පීඨය)                   **(තෙවන ස්ථානය) අයි. ඒ. ඩී. බුද්ධි ජයනි අයිලප්පෙරුම “ලොවක් ගෙතූ බොරු කතාවක අග ධනුද්ධර මට වැරදි තිබුණා” පේරාදෙණිය විශ්ව විද්‍යාලය (ශාස්ත්‍ර පීඨය)
(කුසලතා)
*එම්. වී. ආර්. කෝසල වසන්ත බණ්ඩාර ” ඉසුරුමුණි කුමරුවන් වෙමි මම” මොරටුව විශ්වවිද්‍යාලය (ගෘහ නිර්මාණ පීඨය)
*ඩබ්ලිව්. එල්. පී. වික්‍රමසිංහ “හෙට වැඩට මම නොයා කොහොමද” රුහුණ විශ්ව විද්‍යාලය (ශාස්ත්‍ර පීඨය)
*ඩබ්. ඩබ්. සහන් තීක්ෂන ” ඉරත් සාක්ෂි මේවට” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය (මානව විද්‍යා)

විනිශ්චය මණ්ඩලය
තරංගා රණසිංහ, තිඹිරියාගම බණ්ඩාර, සුනන්දා රණසිංහ

========================================

නාට්‍ය පිටපත් (අන්තර් විශ්ව විද්‍යාල)

ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
සමකාලීන ජීවිතයේ ආර්ථිකමය දුෂ්කරතා සමුදායක නිරන්තරයේ දෝලනය වෙමින් දෛනික අර්බුද හා හැලහැප්පීම්හි නිමග්නව ජීවත්වන මනුෂ්‍ය ස්වභාවයේ පැතිකඩක යථා ස්වරූපයක ස්වභාවයක්,  උපහාසය සහ හාස්‍ය රසය මුසු ප්‍රබන්ධමය නාට්‍යමය  පඨිතයක සුසංයෝගී කිරීමේ නිර්මාණාත්මක නිපුණතාවය අගයනු වස්……

*( ප්‍රථම ස්ථානය) කේ. එම්. අමාෂා ශාමිනී ධනපාල “අපරාධ කාරයා” ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය (අධ්‍යාපනවේදී පීඨය)
*(දෙවන ස්ථානය) ඒ. බී. රශ්මික දිල්හාර ඩුබායි” ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය (ව්‍යවහාරික විද්‍යා)
*(තෙවන ස්ථානය) තරිඳු ලක්මාල් වනිගසූරිය “ළපටි මුවමස්” ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (නීති පීඨය)
(කුසලතා)
*කේ. පී. චතුමි සෙව්වන්දි “කාම චීවර ” කැළණිය විශ්වවිද්‍යාලය (මානව ශාස්ත්‍ර පීඨය)
*ඒ. එම්. ඒ. චාමලී සේනාරත්න “රෝස වැඩිපුර නෑ” ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (අධයාපනවේදී පීඨය)
*ඩබ්ලිව්. ඒ. දිනුෂිකා මධුකි “අරගල කරුවාගේ පෙම්වතිය” කැළණිය විශ්ව විද්‍යාලය (මානව ශාස්ත්‍ර පීඨය)

විනිශ්චය මණ්ඩලය
*ඩබ්ලිව් ජයසිරි, කෞෂල්‍යා ප්‍රනාන්දු, උද්‍යසිරි වික්‍රමරත්න

========================================
කෙටිකතා (අන්තර් විශ්ව විද්‍යාල)

ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය

පෙර නොවූ විරූ වසංගතයක් විසින් ඇති කරන ලද පුද්ගල ඛේදවාචකයක් පිළිබඳ සංවේදී අනුභූතියකින් යුක්තවද, විටෙක යථාර්ථවාදී තලයකත්, විටෙක දෘෂ්ටාන්තමය තලයකත් ස්ථානගත කරමින්, දාරක ප්‍රේමය සහ ලිංගික ප්‍රේමයේ අපූරු සංයෝජනයක හැඩතල, සංස්කෘතික, ආගමික සහ මනෝවිද්‍යාත්මක පර්යාදර්ශ තුළින් කලාත්මකව ඉදිරිපත්කිරීමට ගත් ප්‍රශස්ත ප්‍රයත්නයක කෙටිකතා කලාවේ ආකෘතික සීමාව තුළ හිඳිමින්, ස්වකීය පරිකල්පනය එකී සීමිත අවකාශය තුළ උපරිමයෙන් අවදි කරවීමට ගත් ප්‍රශස්ත නිර්මාණාත්මක ප්‍රයත්නය උදෙසා…..

*(ප්‍රථම ස්ථානය) ජී. එච්. පබසරා ගනේගොඩ “ඈ” රුහුණ විශ්වවිද්‍යාලය (තාක්ෂණ පීඨය)
*(දෙවන ස්ථානය) නසාර්දීන් පාතිමා නාදියා ” විලම්බීත” රජරට විශ්වවිද්‍යාලය (සමාජයිය විද්‍යා පීඨය)
*(තෙවන ස්ථානය) ශ්‍යාමිණී කොළඹගේ ” පෙරේතයා ” කැළණිය විශ්වවිද්‍යාලය (වෛද්‍ය පීඨය)
(කුසලතා)
*අයි. ඒ. ඩී. බුද්ධි ජයනි අයිලප්පෙරුම “ප්‍රාර්ථනා” පේරාදෙණිය විශ්වවිද්‍යාලය (ශාස්ත්‍ර පීඨය)
*එම්. එම්. සවිඳු දිල්ෂාර “තාමත් එතැන ” කැළණිය විශ්වවිද්‍යාලය (සමාජ විද්‍යා)
*උපාධ්‍යා ඕෂනි කොස්වත්ත “කල් ඉකුත් වීමට නියමිතයි ” කොළඹ විශ්ව විද්‍යාලය (නීති පීඨය)

විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ්, කීර්ති වැලිසරගේ

========================================

ගීත රචනා (අන්තර් විශ්ව විද්‍යාල)

ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
දාරක විප්පයෝගයක අවස්ථාවක් මුඛ්‍ය තේමාව කොට, වියෝ වූ සිය දරුවා යළි තමා කරා පැමිණ විදහා ලන සෙනෙහසක් අභිමතාර්ථ කරමින් හා එහි අභිනයන් පිළිබදව පරිකල්පනය කරමින් ඊට අනුයන ගේය පද අලංකාරයන් සම්බන්දයෙන් සාවධානව, ගීතයක ශාබ්දික වියමන ගොඩනැගීමේදී අත්‍යන්තයෙන් අදාළ වන භාෂාවේ ක්‍රීඩාශීලී ස්වාභාවය ද පවත්වා ගනිමින් හා ඉන් නිපැයෙන නිරායාස සුගායනීය ගුණය ප්‍රමුඛ කොට මානව සබදතා විෂයයෙහි සහනුකම්පනයක් දැල්වීමට දැල්වූ නිර්මාණශීලී කුසලතාවය අගයනු වස් මෙවර ප්‍රශස්ත ගේය පද රචනය සදහා ඇගයුම් ලබන්නේ.....

*(ප්‍රථමස්ථානය) ඩබ්ලිව්. ඩබ්ලියු. සහන් තීක්ෂන “දීලා යනවද හාදුවක් “ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය (මානව විද්‍යාපීඨය)
*(දෙවන ස්ථානය) කේ.ඒ. එච්. ඒ. කුලරත්න “සුරත අඩපණ වූ වගයි ” එන්. එස්. බී. එම්. හරිත සරසවිය (මෘදුකාංග ඉංජිනේරු පීඨය)
*(තෙවන ස්ථානය) එම්. දිනුෂා සෞම්‍යා සිල්වා “නුඹ මලකි ” රජරට විශ්ව විද්‍යාලය (කෘෂිකර්ම පීඨය)
(කුසලතා)
*ජේ. ජී. දෝන සමුදි මධුශානි වාසනා ජයසිංහ “බිරිදකගේ අනියම් පෙම්වතා මරාදැමූ සැමියකුගේ පාපොච්චාරණයක්” කැලණිය *විශ්වවිද්‍යාලය (මානව ශාස්ත්‍ර පීඨය)
එච්. කවිශා හංසි “ලිලී” කොළඹ විශ්වවිද්‍යාලය (ශාස්ත්‍ර පීඨය)

විනිශ්චය මණ්ඩලය
ධම්මික බණ්ඩාර, විදර්ශන කන්නන්ගර, රජී වෙල්ගම

========================================

ගීත රචනා (විද්‍යාර්ථී අංශය )

ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
ගීතානුභූතියෙහි අපූර්වත්වයත්, බිරිඳකගේ සංකීර්ණ මනෝභාවයන් ව්‍යංගාර්ථවත් කාව්‍යාලංකාරයෙන් රමණීයව සුගේයතා ගුණයෙන් හා ගීතයේ සුව ලක්ෂණ හා සීමා පිළිබඳ මනා අවබෝධයෙන් ගීතයට නැගීමේ නිර්මාණාත්මක කුසලතාවය පසසනු වස්…..

*(ප්‍රථම ස්ථානය) මල්ලිකාගේ දොන් කැලුම් ධම්මික “හිමිනේ ඇහැරෙන්” (ශාස්ත්‍ර පීඨය 2000)
*(දෙවන ස්ථානය) තිළිණි කෝසලා විතානගේ ” කිසා ගෝතමියක් නොවෙමි” (අධ්‍යාපන පීඨය 2019)
*(තෙවන ස්ථානය) ප්‍රියන්ති සමරසිංහ ” කිරි මවක වෙන්න අවසරයි” (ශාස්ත්‍ර පීඨය 1981)
(කුසලතා)
*ප්‍රියන්කා කුමාරි වෙලගෙදර “රිදුම” (ශාස්ත්‍ර පීඨය 1993)
“ඩී.කේ.එච්.ටී.කුමාරි රාජපක්ෂ “සැදෑ අඳුරට මුසුව ” (විද්‍යා පීඨය 2002)
*ඔස්මන්ඩ් චන්ද්‍රවංශ “වඩුමඩුවේ ඇදුරිඳු ” (ශාස්ත්‍ර පීඨය 1974)
ශ්‍රීධර සේනාරත්න “පුරඟන” (නීති පීඨය 2002)

විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, කපිල කුමාර කාලිංග, කුලරත්න ආරියවංශ

========================================

නාට්‍ය පිටපත් (විද්‍යාර්ථී )

ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
ප්‍රපඤ්ච ලෝකයෙහි රූපය මූලාශ්‍රය කරගත් නාට්‍ය හා රංග කලාවේ උපශාඛාවක් වන කෙටිනාට්‍ය ප්‍රවර්ගයට රූපාන්තරණය කර ගනිමින්, ගුණීභූතව ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය භෞතිකමය හුවමාරුවක ප්‍රතිෂ්ඨාවෙන් ආචීර්ණ කල්පිකවූත්, සාම්ප්‍රදායිකවූත් ආකෘතීන් විදාරණය කරමින්, ශ්‍රී ලාංකේය කෙටිනාට්‍ය කලාවේ නව්‍ය විචාර සංකල්පමය දිශානතියකට නව මංපෙත් විවර කළා වූ ද, තවද චමත්කාරජනක සන්දර්භයක් මවා පාමින්, මනුෂ්‍ය ජීවිතය හා බද්ධ වූ කුටුම්භගත චර්යා රටා, පිටස්තර සමාජ අභිනයන් සමග සංඝටනය වන අන්දම උත්ප්‍රාසජනක ලෙස මැනවින් විශදවන සේ,අනභිභවනීය කෙටිනාට්‍ය වියමනක් නිර්මාණය කළා වූ ද , “ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණාක්ෂමා ප්‍රඥා” සම්පත්තිය අගය කිරීම උදෙසා......

*(ප්‍රථම ස්ථානය) මාලක දේවප්‍රිය , “අනුරාග පොරය” (ශාස්ත්‍ර පීඨය 2005)
*(දෙවන ස්ථානය) උදුලා රත්නායක “ඇයමය ඇය” (ශාස්ත්‍ර පීඨය 1986)
*(තෙවන ස්ථානය) තිළිණි කෝසලා විතානගේ ” විකිනීමට තිබේ” (අධ්‍යාපන පීඨය 2019)
(කුසලතා)
*ජී. ඒ, ඉන්ද්‍රපාල “සිහිවටනය” (සංවර්ධනවේදී උපාධිය 1972)
*එම්. එම්. මංජු ප්‍රියන්ත බණ්ඩාර ” මම ශ්‍රී ලාංකියෙක් නොවෙමි ” (අධ්‍යාපන පශ්චාත් උපාධි පීඨය 2014)
“ඩබ්ලිව්. ඒ. සම්පත් ” මට ඕන මම වෙන්න” (අධ්‍යාපන පීඨය 2014)

විනිශ්චය මණ්ඩලය
රංජිත් ධර්මකීර්ති, නිශ්ශංක දිද්දෙණිය, මහාචාර්ය සෞම්‍ය ලියනගේ

========================================

කෙටි කතා (විදාර්ථී)

ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
කුටුම්භගත ජීවන පැවැත්ම වඩ වඩාත් සංකීර්ණත්වයට පත්වීම තුළ මතු පරපුරට අත්වන ඛේදනීය සමාජ සංස්කෘතික ඉරණම දෙස දැඩි සංවේදීත්වයකින් හා මානව දයාවකින් යුතුව බැලුම් හෙළන්නට දැරූ නිර්මාණාත්මක ප්‍රයත්නය උදෙසා …

*(ප්‍රථම ස්ථානය ) එම්. එම්. මංජු ප්‍රියන්ත බණ්ඩාර “පුංචි වරද ” (අධ්‍යාපන පශ්චාත් උපාධි පීඨය 2014)
*(දෙවන ස්ථානය) තිලක් රංජිත් මද්දුම හේවගේ “ජෝඩු දෙකක් එක තැනක” (ශාස්ත්‍ර පීඨය1981)
*(තෙවන ස්ථානය) අයි. ඒ. රුවනි අතුකෝරළ ” ලොකු අම්මා” (නීති පීඨය 2005)
(කුසලතා)
*උදුලා රත්නායක “නැන්දම්මා ” (ශාස්ත්‍රපීඨය1986)
*ඩබ්ලිව්. ඒ. සම්පත් “බිඳුණු තීන්දුව” (අධ්‍යාපන පශ්චාත් උපාධිය 2014)
*ගැමුණු. පී. දසනායක “මිතුරිය” (වෛද්‍ය පීඨය 2000)

විනිශ්චය මණ්ඩලය
නිශ්ශංක විජේමාන්න, කමල් පෙරේරා, එරික් ඉලයප්පාඅරච්චි

========================================

පද්‍ය රචනා (විද්‍යාර්ථී )

ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය
 
සංවේදී ජීවිතානුභූතියක් කලාත්මක පද්‍ය කාව්‍යයක් ලෙස ප්‍රතිනිර්මාණයේදී කිවිඳිය පළ කරනු ලැබූ මානව දයාවෙන් යුතු පරිකල්පන ප්‍රතිභාව තුළින් ප්‍රකට කළා වූ ඉසියුම් කවිතාව විශද කළ කාව්‍යමය ගුණයෙන් අනූන ප්‍රශස්ත නිර්මාණය ප්‍රතිභාව උදෙසා…..

*(ප්‍රථම ස්ථානය) ප්‍රියංවදා ගොඩගේ “ගඟට උඩින් කොක්කු ගියා” (ශාස්ත්‍ර පීඨය 1990)
“(දෙවන ස්ථානය) ආර්. එම්. වසන්ත රාජපක්ෂ ” කිරිහාමී විත්ති කූඩුවට” (තොරතුරු තාක්ෂණ පීඨය 2005)
“(තෙවන ස්ථානය) තිළිණි කෝසලා විතානගේ “අදත් සඳ නාවදෙන්” (අධ්‍යාපන පීඨය 2019)
(කුසලතා)
*එම්. එම්. නිර්මාල් චතුරංග “අම්බපාලී අද නිවන් යයි” (කළමනාකරණ 2018)
“ජේ. ඩබ්ලිව්. හේමන්ත දේවප්‍රිය බොතේජු ” සරල තනි මුහුණ ” (ශාස්ත්‍ර පීඨය 1997)
*ඩී. ජී. නිමේෂා දිල්හානි “ළමා හිංසනය සහ අපචාර” ( අධ්‍යාපන පීඨය )

විනිශ්චය මණ්ඩලය
බුද්ධදාස ගලප්පත්ති, රත්න ශ්‍රී විජේසිංහ, කුමාරදාස සපුතන්ත්‍රි

========================================

(கவிதை) இன்டர் யுனிவர்சிட்டி

முதல் இடத்திற்கு காரணம்

தன் நலம் பார்க்காமல் தனது மகளின் வளர்ச்சிக்காக உடல் ரீதியாக கடின உழைப்பை மேற்கொண்டும், தனது மகளின் பசியையும் ருசியையும் அறிந்து உணவு வழங்கியும் வாழ்க்கையில் அர்ப்பணிப்புடன் செயற்பட்டவளான தாய் தனது கனவுகள் நனவாக முன்பே மறைந்தமையின் காரணமாக ஒரு மகளிடம் தோன்றும் வேதனையானதும் மதிப்பானதும் உணர்வுகளை எளிமையானதும் உணர்வு பூர்வமானதுமான கவித்துவமிக்க மொழியில் வெளிப்படுத்தியமைக்காக

*(முதல் இடம் ) தர்ஸி சிவநேசன்;; (கொழும்பு பல்கலைக்கழகம்
*(இரண்டாம் இடம்) கதிர்காமநாதன் பிரியலக்ஸன்- (வயம்ப பல்கழைகழகம்)
*(மூன்றாவது இடம்)நந்தினி ஜெயமோகன்-யாழ்ப்பாண பல்கழைகழகம்- தொழில்நுட்பக் கல்லூரி
(திறமைகள்)
*செல்வி பாத்திமா கன்ஸா (இலங்கை திறந்த பல்கழைகழகம்)
*திரு. காயத்து முஹம்மது முஹமட் றசீன் (கிழக்குப் பல்கலைக்கழகம்)
*திரு. தேவராஜன் ஜீவதுவரகன் (வவுனியா பல்கலைக்கழகம்)

நீதிபதி பனல்
பேராசிரியர் எஸ் மௌனகுரு, டாக்டர் கே ரதிதரன், டாக்டர் சுவாமிநாதன் விமல்

========================================

Leave a comment