පලස සාහිත්‍යය තරගාවලිය – 2024

කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානය සමකාලීන සමාජීය නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ගොඩනැංවීම අරමුණු කරගනිමින් පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්රධානෝත්සවය කොළඹ විශ්වවිද්යාලයීය ශිෂ්ය කේන්ද්රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ සඳහා කොළඹ විශ්ව විද්යාලයේ කලා මණ්ඩලයේ සභාපති හා අධ්යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල බණ්ඩාර, හිටපු අගවිනිසුරු ප්රියසාත් ඩෙප්, මෙන්ම විද්යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පලස විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ ප්රවීණ කලා හා විචාර සාමාජිකයන් සහභාගි විය. ඒ ඒ අංශවල ප්රවීණයින්ගෙන් සමන්විත විනිශ්වය මණ්ඩලයක් යටතේ විනිශ්චයන් ලබා දෙමින් ජයග්රාහකයින් සඳහා සම්මාන සහතික පත් ලබා දුන් මෙම උත්සව අවස්ථාව විද්යාර්ථීන්ගේ සංවිධානයේ 32වන වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වූ අතර විශාල පිරිසක් දායක විය

Leave a comment