කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානය මෙහෙය වූ 2025 පලස සාහිත්යය තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවය 2025 ඔක්තෝබර් 25 නව කලාගාරයේදී පැවැත්වූයේ කොළඹ විශ්ව විද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික සමුළුව සහ සුහද හමුවට සමගාමීවය. පාසල් තරගාංශය යටතේ උසස් පෙළ සිසුන්ටද අන්තර් විශ්වවිද්යාලීය අංශය යටතේ රාජ්ය හා පෞද්ගලික විශ්වවිද්යාලවල උපාධි අපේක්ෂකයින්ටද කවි කෙටිකතා සහ කෙටි නාට්ය ඉදිරිපත් හැකි විය.
තරගය සඳහා විනිශ්චය ලෙස කොළඹ විශ්වවිද්යාලයෙන් බිහිවූ ශාස්ත්රීය, කලා හා සංස්කෘතික ක්ෂේත්රයේ නිර්මාණකරුවන් විශිෂ්ට විද්වතුන්ගේ සහභාගීත්වය ලබා ගැනීම විශේෂත්වයක් විය. විද්යාර්ථි අංශය සඳහා ලාංකේය ප්රවීණ කලා විනිශ්චය මණ්ඩලයක් ඇගයීම් සිදු කරන ලදී.
මෙහි සම්මාන ප්රදානෝත්සවය කොළඹ විශ්ව විද්යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක , සහ හිටපු අග විනිසුරු ප්රියසත් ඩෙප්, කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානයේ සභාපති බර්නාඩ් කාරියවසම්, කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානයේ ලේකම් කමල් බී දිසානායක,කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානයේ භාණ්ඩාගාරික ඩයස් උබේසේකර, ග්ලෝබල් හවුසින් ඇන්ඩ් රියෙල් එස්ටේට් ආයතනයේ සභාපති දසුන් වික්රමරත්න , ප්රයිම් රෙසිඩන්සීස් ආයතනයේ අධ්යක්ෂිකා ෂෙහානි බ්රාහ්මණගේ, විජය ප්රඩක්ස්ට් හි සභාපති අරුණ කොතලාවල, ගම්පහ ආරෝග්ය ශාලා සමුහයේ සභාපති වෛද්ය අනුර ද සිල්වා, මෙන්ම නිශ්ශංක දිද්දෙණිය , බුද්ධදාස ගලප්පත්ති, කීර්ති වැලිසරගේ, තිඹිරියාගම බණ්ඩාර, රජිව් වෙල්ගම ආදී කලාකරුවන් රැසකගේ ප්රධානත්වයෙන් හා කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානයේ විධායක සභිකයින්, අනුශාසකවරු සහ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.














